වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

Monday, 20 November 2023 - 18:03

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A9+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පොලිස් නිළධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කර අධිකරණය මගහැර සිටි වැලිමඩ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, පොලිසිය මඟ හැර සිටි සැකකරු අද (20) නිතිඥයෙකු මාර්ගයෙන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විමෙන් අනතුරුවයි.

පසුගිය ඔක්තෝම්බර් 24 වනදා වැලිමඩ පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ජංගම රාජකාරියේ නිරත වු මෙම පොලිස් නිළධාරින් දෙදෙනා කැප්පෙටිපොළ නගරයේ බස් නැවතුම්පළ ආසන්නයේ පදික මාරුව මත මෝටර් රථයක් නතරකර ඇති අයුරු දැක ඒ පිළිබඳව සොයාබලා තිබෙනවා.

එම අවස්ථාවේ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා පැමිණ පරුෂ වචනයෙන් බැනවැදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් රාජකාරියට බාධා කර ඇති බවයි ඔවුන් සිදුකළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories