නත්තලට දුඹුරු සීනී හිඟයකින් තොරව බෙදා හැරේ

Monday, 20 November 2023 - 19:50

%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
සුදු සීනි හිඟයට පිළියමක් ලෙස උත්සව සමය ඉලක්ක කර ගනිමින් රට පුරා හිඟයකින් තොරව දුඹුරු සීනි බෙදා හැරීම සිදු කරන බව ලංකා සීනි සමාගමේ අධ්‍යක්ෂක ගාමිණි රාසපුත්‍ර ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදා සීනි සඳහා බදු ඉහළ නැංවීමත් සමග මිල ඉහළ ගිය අතර පසුව රජය විසින් සීනි සඳහා පාලන මිලක් පනවනු ලැබුවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (19) ප්‍රකාශ කළේ එවැනි හිඟයක් ඇති වීමට අවස්ථාවක් නොමැති බවයි.

මේ වන විට සීනි මෙට්‍රික් ටොන් 19,000 ක් රට තුළ පවතින බවද ඔහු සඳහන් කර තිබෙනවා.

එවන් පසුබිමක වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අද (20) සීනි ආනයනකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවේ අර්බුදයට විසදුම් සෙවීම සඳහායි.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශත 25 බද්දට ආනයනය කළ සීනි තොග රජයේ භාරයට ගෙන ලංකා සතොස සහ සමූපකාර හරහා බෙදාහැරීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories