ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන්නැයි ඉල්ලා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමුකළ ලිපි තුනක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (20) පාර්ලිමේන්තුවේ සභාගත කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාග්ලේ වෙත යොමු කර තිබූ මෙම ලිපි තුන සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් කරුණු හෙළි කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ඊට ප්‍රතිචාර දක්වනු ලැබුවා.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මෙරට ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින සියලු තොරතුරු අයි.සී.සි යට අනාවරණ කිරීමට බැදී සිටින අතර ඒ අනුව ඇතැම් දැනුවත් කිරීම් සිදුකළ බවයි.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට ඇඳ දැමීමට මූලික වූ සියලු පාර්ශවයන්ට නඩුපවරන ලෙසයි.
මේ අතර මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සදහා ජනාධිපතිවරයා පත්කළ විශේෂ අනු කමිටුවේ වාර්තාව කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය මනූෂ නානායක්කාර අද ගාල්ලේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා පනවා ඇති තහනම තවදුරටත් පවත්වාගෙන යන්නේද, නැද්ද යන්න පිළිබද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ හෙට පැවැත්වෙන හමුවේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර දූෂිත ක්‍රිකට් ප්‍රධානීන් ඉවත් කරන ලෙස බල කරමින් අන්තර්ජාල පෙත්සමකට අත්සන් තැබීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂිතතයින් පලවා හැර ශ්‍රී ලංකා ක්‍රිකට් රැකගන්නා ලෙස බලකරමින් සමගි ජනබලවේගය සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් අද දහවල් ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී පැවැත්වුණා.

Follow US
Most Viewed Stories