ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනා සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක රක්ෂිත බන්ධනාගාරයට

Monday, 20 November 2023 - 20:29

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරී සැපයුම් සහ කොටස් පාලක අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක නොවැම්බර් මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුලු හතරදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන අතර, මීට පෙර කපිල වික්‍රමනායකට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණා.

ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒවා ගෙන්වූ සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති නමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories