නාස් ඩේලිගෙන් මෙරට සංචාරක ප්‍රවර්ධනයට සහාය

Monday, 20 November 2023 - 21:02

%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
දැවැන්ත ගෝලීය අනුගාමිකත්වයක් ඇති සුප්‍රසිද්ධ Vlog නිර්මාපකයෙකු වන Nas Daily ලෙසින් හඳුන්වනු ලබන Nuseir Yassin මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා.

සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි Nas Daily ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගත් විශේෂ වීඩියෝ තුනක් නිෂ්පාදනය කිරීමේ ගිවිසුමකට අද (20) අත්සන් තැබුවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මහත් පිටුවහලක් වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories