සම්බා සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

Monday, 20 November 2023 - 22:12

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
රට තුළ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත්, සහල් ආනයනය කිරීමේ කටයුතු අද (20) සිට ආරම්භ කරන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව කීරි සම්බා සහ සම්බා සහල්වලට ආදේශක සහල් ආනයනය කිරීමටත්, උත්සව සමයේ තවදුරටත් සහල් අවශ්‍යතාව ඇති වුවහොත් ආනයනය කරන සහල් ප්‍රමාණය වැඩිකිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසුවා.

තවද අමාත්‍යවරයා පැවසුවේ රුපියල් 260ක පාලන මිලක පවතින කීරි සම්බා සහල් කිලෝවක් මේ වන විට රුපියල් 300ත් 310ත් අතර මිලක අළෙවි වන බවයි.

මෙරට ප්‍රධාන සහල් ව්‍යාපාර ආයතන තුනක් මෙසේ විශාල වශයෙන් සහල් මිල ඉහළ දැමීමට මූලික කටයුතු කරන බවත්, එම තත්ත්වය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පරීක්‍ෂණයක් පවත්වමින් සිටින අතර එහි ප්‍රතිඵල ඉදිරි දින කීපයේදී නිකුත් කරන බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories