රුපියල් කෝටි 03කට වැඩි කේරළ ගංජා තොගයක් නාවික හමුදාවෙන් සොයාගැනේ

Tuesday, 21 November 2023 - 10:09

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+03%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් රුපියල් කෝටි 03කට වඩා වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා 101Kg ක ප්‍රමාණයක් අද (21) සොයාගැනීමට සමත් වී තිබෙනවා.

නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත කරෙයිනගර් අම්මාන් කෝවිල් පාරේ කැළෑවක සඟවා තිබුණු මෙම කේරළ ගංජා තොගයේ අයිතිකරුවන් සොයා ගැනීමට නාවික හමුදාවට නොහැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය නාවික හමුදාව විසින් කරෙයිනගර් පොලීසිය වෙත බාරදී ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories