ලෝක කුසලාන අවසන් මහා තරගයට ආරාධනා නොකිරීම ගැන කපිල් දේව් කනස්සල්ලෙන්

Tuesday, 21 November 2023 - 10:28

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟය සදහා ආරාධනා නොකළ බව ඉන්දීය හිටපු ක්‍රිකට් නායක කපීල් දේව් ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දියාවට පළමු එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නායකත්වය ලබාදුන් කපිල් දේව් සදහන් කර ඇත්තේ දුරකථනයෙන් හෝ ඇමතුමක් ලබාදීමට තරගාවලි සංවිධායකයින් කටයුතු නොකර තිබූ බවයි.

1983 ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයින් සමඟ ලෝක කුසලාන අවසන් තරඟය නැරඹීමට තමන් බලාපොරොත්තුවෙන් සිටි බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ශූරතාව අහිමිවීම දරාගත නොහැකි වූ එරට තරුණයෙකු හෘදයාබාධයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අවසන් මහා තරඟය නරඹමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි ඉන්දියාවේ - තිරුපති දුර්ගා සමුද්‍රම් ගම්මානයේ පදිංචි තරුණයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories