අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් (වීඩියෝ/Update)

Tuesday, 21 November 2023 - 10:45

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%2FUpdate%29
Update: පාර්ලිමේන්තුවේ කටයුතු යළි ආරම්භ කෙරුණේ විනාඩි 15 කට පසුවයි.

එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු ජංගම දුරකථන ඔස්සේ පටිගත කර ප්‍රසිද්ධ කිරීමට කිසිදු මන්ත්‍රීවරයෙකුට මින් ඉදිරියට තහනම් වනු ඇති බවයි.
=========

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අද (21) රැස්වූ පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් සිටින අවස්ථාවේ එම ස්ථානයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කඩාවැදීමත් සමග පාර්ලිමේන්තුව විනාඩි 05කට කල්තැබීමට කථානායකවරයාට සිදුවුණා.

එහිදී වේත්‍රධාරිවරයා සහ නියෝජ්‍ය වේත්‍රධාරියා විපක්ෂනායකවරයා ඉදිරිපිට රැදී සිටිමින් ඔහුට ආරක්ෂාව සැළසූ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විපක්ෂනායකවරයාගේ මයික්‍රෆෝනයෙන් අදහස් දක්වන අයුරුද දක්නට ලැබුණා.

අනතුරුව එම ස්ථානයට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද පැමිණි අතර, ඒ සමඟයි කථානායකරයා පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගනු ලැබුවේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසකට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙනුයි විපක්ෂනායකවරයා ස්ථාවර නියෝග 27/(02) යටතේ අදාළ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories