ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකයට පැමිණෙයි

Tuesday, 21 November 2023 - 12:46

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත අද (21) පෙරවරුවේ පැමිණියා.

පසුගියදා නිමාවට පත්වූ එක්දින ලෝක කුසලාන තරගාවලි පරාජයෙන් අනතුරුව ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනය පිළිබද විමර්ශනයක් කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කළ ඉල්ලීමකට අනුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය විසින් තේරීම් කමිටු සභාපතිවරයා කැදවා තිබුණේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමෙන් අනතුරුව දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසා තිබුණේ තරඟ පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවයි.

ඊට අදාළව දින 02 කට පසු තේරීම් කමිටු සභාපතිවරයා අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories