ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් තීරණාත්ම සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාවේ අහමදාබාද්හි පැවැත්වෙන එහි විධායක සභා රැස්වීමේදී මෙරට ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාවේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා මෙරට ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ප්‍රබල හඬක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්වීමක් සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල පැවැත්වීමට නියමිත අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය මෙරටට ලබාදෙනවාද නැද්ද යන්න පිළිබදව මෙහිදී තවදුරටත් සාකච්ඡා කරනු ඇති.
විගණන වාර්තාවෙන් හෙළි වූ කරුණු මත ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් අන්තර් පාලන මණ්ඩලයක් පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කළා.
ඊට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අභියාචනාධිකරණයට ගිය අතර ඒ අනුව එම අන්තර් පාලන මණ්ඩලය කටයුතු වළක්වාලමින් අතුරු තහනමක්ද ක්‍රියාත්මකයි.

Follow US

Most Viewed Stories