ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම අනුමත කරයි (වීඩියෝ)

Tuesday, 21 November 2023 - 15:59

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ICC විධායක කමිටුව අද තීරණය කළා.

අද අහමදාබාද්හිදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ඒකමතිකව සම්මත වී තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණු යොවුන් ලෝක කුසලානයේ සත්කාරකත්වය ද ශ්‍රී ලංකාවට අහිමි කිරීමට ICCය පියවර ගත්තා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට මේ මස 10 වැනිදා කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට
දේශපාලනික අතපෙවීම් සිදුවන බවට චෝදනා කරමින්.

ඒ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිලානය සඳහා අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් අන්තර් පාලක මණ්ඩලයක් පත්
කිරීමට පියවර ගැනීමත් සමඟයි.

කෙසේ වෙතත් ජගත් ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපි තුනක් යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ඉල්ලා තිබෙන බවට චෝදනා ද එල්ල වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවා දින 11ක් ගතවන තැන ජගත් ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව ඉන්දියාවේ අහමදාබාද්හිදී රැස් වුණා.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වායි.

මෙම කමිටු රැස්වීමේදී ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුනේ ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් අර්බුදයයි.

ඒ අනුව දීර්ඝ සාකච්ඡාවකින් පසු ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණයට ICC විධායක කමිටු සාමාජිකයින් ඒකමතිකව සිය අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ සමඟ නිල වශයෙන් ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමි වී යෑමත් සමඟ ලබන වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක
කුසලානයේ සත්කාරකත්වය ද මෙරටට අහිමිව ගියා.

ඒ අනුව යොවුන් එක්දින ලෝක කුසලානය දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමටත්, ICC විධායක කමිටුව තීරණය කළා.

මෙලෙසින් ශ්‍රී ලංකාවට ICC සාමාජිකත්වය අහිමිව ගියත් ශ්‍රී ලංකා පිරිමි ,කාන්තා සහ යොවුන් කණ්ඩායම්වලට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සහ ICCතරගාවලිවලට සහභාගිවීමට කිසිදු බාධාවකින් තොරව ඉඩ ලබා දීමට ද ජගත් ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

පනවා තිබෙන තහනම ඉවත් කරනතුරු ශ්‍රී ලංකාවට ICC යෙන් ලබා දෙන අරමුදල් පිළිබඳව දැඩි කොන්දේසි පැනවීමටත්, එය පාලනය කිරීමටත් විධායක කමිටුව තීරණය කළා.

මේ අතර ශ්‍රී ලංකාවට පැනවූ ICC තහනම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories