වැඩි ඡන්ද 45කින් අයවැය දෙවැනිවර කියවීම සම්මතයි (වීඩියෝ)

Tuesday, 21 November 2023 - 18:13

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+45%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
2024 අයවැය, දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 77 ක් පමණයි.

ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි මන්ත්‍රීවරුන් ගණන 26 ක්.

2024 සඳහා අයවැය යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දින 7ක් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණා.

ඒ අනුව අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ 7වැනි දින වූ අද , විවාදය අවසානයේ ඡන්ද විමසීම ආරම්භ කෙරුණා.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් හිමිවුණා.

අයවැයට විපක්ෂව හිමිවූ ඡන්ද ගණන 77 ක්.

ඒ අනුව 2024 අයවැය, දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මන්ත්‍රීවරුන් 26 දෙනෙකු ජන්දය පැවැත්වෙන අවස්ථාවේ සභා ගර්භයේ සිටියේ නැහැ.

සමගි ජන බලවේගය සිය ඡන්දය අයවැයට විපක්ෂව ලබා දුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අයවැයට විරුද්ධව සිය ඡන්දය භාවිත කළා.

ජාතික ජනබලවේගය ද අයවැයට විරුද්ධව සිය ඡන්දය ලබා දුන්නා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව ආණ්ඩුව හැරගිය උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස සහ නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම , ජී එල් පීරීස් , ඩිලාන් පෙරේරා ඇතුළු ඇතුළු මන්ත්‍රීවරුන් අයවැයට විපක්ෂව සිය ඡන්දය භාවිත කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව සිය ජන්දය ලබා දුන්නා.




මෙහිදී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව සිය ඡන්දය භාවිත කිරීමත් කැපී පෙනුනා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories