සිරිපා මළුවෙන් පැල්මඩුල්ලට වැඩම කරවන සමන් දේව ප්‍රතිමාව (ඡායාරූප)

Friday, 24 May 2024 - 17:44

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B8%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
2023-2024 වර්ෂය සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය (23) දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් විමත් සමග ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කිරිම (24) දින සිදු කෙරුණා.

ඉන් එක් පෙරහැක් ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත්, තවත් පෙරහැරක් කුරුවිට එරත්න මාර්ගය ඔස්සේත් වැඩම කල අතර, තවත් පෙරහැරක් ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසුවේ.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ සිට කරඩුන් වහන්සේ නමක් රැගත් තවත් පෙරහැරක් බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත වැඩම කෙරුණා.

මාර්ග හතරක් ඔස්සේ වැඩම කරනු ලැබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ අද (24) රාත්‍රියේ සිට හෙට (25) දහවල්වන තෙක් පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර විශේෂ දේව පුජාවන් ගණනාවක් පවත්වා හෙට (25) පස්වරුවේ රිය පෙරහැරකින් එසේ වැඩම කල සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කරන තබන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories