අගමැති මෝදිගේ තුන්වන වරටත් දිවුරුම් දීමේ උත්සවය ඊයේ (09) උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.
ඉන්දීය ජනාධිපතිවරියගේ නිල නිවසවන රාෂ්ට්‍රපති භවන් හීදී පැවති මෙම උත්සවයට ලොව පුරා අමුත්තන් 8,000 කට වැඩි පිරිසකට ආරාධනා කර තිබුණා.
ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ, බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනාගේ සිට මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් මුයිසු දක්වා ලෝක නායකයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
දිවුරුම් දීමේ උත්සවය අතරතුර දිවුරුම්දීම පැවැතුවුණු ස්ථානයට පිටුපසින් එහෙ මෙහෙ සැරිසරන සතෙකු මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වී තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුර්ගාදාස් උයිකේ සහ අජේ ටම්ටා දිවුරුම් දෙමින් සිටියදී මෙම සත්වයා දැකගත හැකි වුණා.
කිසිඳු බියක් සැකක් නැතිව ඇවිදිමින් සිටින මෙම සත්වයා එහිම ජීවත්වන සත්වයකු බවට තහවුරු කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටියේ.
විශාලත්වය අනුව එම සත්වයා දිවියෙකු බවට සැක පළකරන බවද ඉන්දීය මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වුණා.
එම සත්වයා සහිත දර්ශන ඇතුලත් වීඩියෝව මේවන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බදන්ධව එම උත්සවයේ සංවිධායකවරු කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැහැ.

Follow US

Most Viewed Stories