පාකිස්ථානයේ රාවල්පින්ඩි ප්‍රදේශයේ පවතින උණුසුම් හා වියළි කාලගුණය මධ්‍යයේ පැය දෙක තුනක විදුලිය ඇනහිටීම්වලට මුහුණ පා සිටින ප්‍රදේශවාසීහු දැඩි දුක්ඛිත තත්ත්වයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දෛනික විදුලිය ඇනහිටීම් හේතුවෙන්, ප්‍රදේශවාසීන් ජල හිඟයකට ද මුහුණ පා සිටින බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් විදුලි සැපයුම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අම්ජාඩ් ඛාන් මාධ්‍ය වෙත දන්වා තිබුණේ, අක්‍රිය වූ අධි බරැති ට්‍රාන්ස්ෆෝමර් අලුත්වැඩියා කිරීම සඳහා එම සමාගම ප්‍රදේශයේ ප්‍රධාන සැපයුම් මාර්ගය අක්‍රිය කර ඇති බවයි.
ඔහු පවසන පරිදි අධික බර පැටවූ ට්‍රාන්ස්ෆෝමර් ක්‍රියා විරහිත වන අතර අලුත්වැඩියා කිරීමට කාලය ගත වන බවත්, දෝෂය අලුත්වැඩියා කිරීමට, ප්‍රදේශයේ ප්‍රධාන සැපයුම් මාර්ගය අක්‍රිය කර ඇතැයි සඳහන්.
මේ අතර, විදුලිය ඇනහිටීම නිසා අධික උණුසුම මධ්‍යයේ ජල සැපයුමට ද බාධා එල්ල වී තිබෙන බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
විදුලිය ඇනහිටීම හේතුවෙන් ඉස්ලාමාබාද් නගරයේ නළ ළිං 260ක් සහ කැන්ටොන්මන්ට් ප්‍රදේශයේ නළ ළිං 60ක් ඇතුළුව නළ ළිං 320ක ක්‍රියාකාරීත්වය අඩාල වී ඇතැයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙනවා.

Follow US

Most Viewed Stories