රුසියාවට බායි කියා මෝදි ඔස්ට්‍රියාවට යයි

Wednesday, 10 July 2024 - 13:34

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිය දෙදින රුසියානු සංචාරය නිම කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රියාව වෙත ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා පැවසුවේ ඔස්ට්‍රියාවේ විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ස්කෝලන්බර්ග් (Alexander Scallenberg) විසින් ගුවන් තොටුපලේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව උණුසුම් ලෙස පිළිගත් බවයි.

දෙරට අතර ද්විපාර්ශවීය සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ඔස්ට්‍රියානු සංචාරය සිදු කරන බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ඔස්ට්‍රියාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වියානා නුවරදී ඔස්ට්‍රියානු චාන්සලර් කාල් නෙහම්මර් (Karl Nehammer) ද හමුවී තිබෙනවා..

එහි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි වෙසෙන ඉන්දීය ඩයස්පෝරාවේ නියෝජිතයින් ද හමුවී ඇති බව ද එම මාධ්‍ය වාර්තා පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories