ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අධිකරණයට

Wednesday, 10 July 2024 - 13:45

%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%B6%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 07 දෙනා අද පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහිදී අතුරුගිරිය පොලිසිය විසින් අධිකරණයට සිද්ධියට අදාළ කරුණු වාර්තා කිරීමට නියමිත අතර සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටින බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරුවන් අහුංගල්ල, බලපිටිය, ගනේමුල්ල, අම්බලන්ගොඩ සහ බෙලිඅත්තර යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 24ත් 37ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුගිරිය මංසන්ධියේ පිහිටි ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමට පැමිණ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ පෙරේදා උදෑසන කාලයේදීයී.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories