ජනාධිපතිවරණය හෙට පාර්ලිමේන්තුවට

Wednesday, 10 July 2024 - 14:30

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජනාධිපතිවරණය නිසි කලට පැවැත්වීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදීයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමා වන දින වකවානුව සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබු අතර එය නිෂ්ප්‍රභ කරනු ලැබුවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව පැහැදිළිව මෙරට නීතිය තුල තිබෙන බව සැලකිල්ලට ගනිමින්.

එවන් පසුබිමක් තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවයක් පවතින බැවින් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යවස්ථාවේ 30 (2) ,62 (2), සහ 83 (ආ) යන ව්‍යවස්ථාවන්හි මෙම අනනුකූලතාවයක් නිරීක්ෂණය වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

ඒ පිළිබද සැකය මග හරවා ගැනීමට සාවුරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට පස් අවුරුද්දක් ඉක්මවා යන වචන ආදේශ කිරීම මගින් ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා අදාල පනත් කෙටුම්පත සකස් කිරීම සිදු කරන බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories