දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

Wednesday, 10 July 2024 - 15:51

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ආරම්භ කර ඇති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය අද පස්වරුවේ ප්‍රකාශ කලා. මෙම වර්ජනය හේතුවෙන් මගී ජනතාව පත් වුණේ දැඩි අපහසුතාවකටයි.

උසස්වීම් ලබා නොදීම හා බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි මෙම වර්ජනය ආරම්භ කළේ.

වර්ජනය හේතුවෙන් දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාර සියයට 80ක් පමණ අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස්. මුදලිගේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද දහවල් වනවිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් වර්ජනය ආරම්භ කිරීමට පෙර සිටම එනම් ඊයේ රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය ගමන්වාර 7ක් අවලංගු කෙරුණු අතර ඒ හේතුවෙන් රාත්‍රී නිවෙස් වෙත යාමට සිටි ජනතාව ද පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

අද උදෑසන කැලණිවැලි මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ කිසිදු දුම්රියක් ධාවනය වූයේ නැහැ. දුර ගමන් සේවා දුම්රිය ද අද ක්‍රියාත්මක නොවන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ සදහන් කළේ.

කෙසේ වෙතත් පොල්ගහවෙල, ගාල්ල, මීගමුව සිට කොළඹ දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක් අද ධාවනය කරවීමට පියවර ගෙන තිබුණා.

මේ අතර, දුම්රිය ගමන් වාර සංඛ්‍යාව සීමා වීම නිසා දැඩි තදබදයක් ඇති වී තිබෙන පසුබිමක පාසැල් සිසුවෙකු දුම්රියේ පාපුරුවේ අනාරක්ෂිත ලෙස එල්ලී ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල මේ වනවිට සංසරණය වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දැනට දුම්රිය ධාවනය කරවීමට හැකියාව පවතින්නේ ඉලෙක්ට්‍රොනික සංඥා පද්ධති ඇති ප්‍රදේශවල පමණක් බවයි.

කෙසේ වෙතත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන් අපහසුතාවට ලක් වීම අවම කිරීමේ අරමුණින් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලාභීන්ට අද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් නොමිලේ ප්‍රවාහන පහසුකම් සලසා දෙන බව ප්‍රකාශ කෙරුණත් ඒ පිළිබද නිසි දැනුවත් කිරීම් සිදු කර නොමැති බවටයි මගීන් චෝදනා කළේ.

වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් රැසක් පීඩාවට පත්වූ බව හිරු ප්‍රාදේශිය වාර්තාකරුවන් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories