මල් කැකුළු තුනක් පොලිසියට භාර දී මව කරන්න ගිය අහස පොළව නුහුලන අපරාදය

Wednesday, 10 July 2024 - 15:59

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%83+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%80+%E0%B6%B1%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
සිය දරුවන් තිදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දී දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහ කළ තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරීමට එහි නිලධාරිනියන් ඊයේ (09) කටයුතු කර තිබෙනවා.

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි මෙම තිදරු මව ඊයේ පස්වරුවේදී හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බවත්, ඒ අනුව වයස අවු 08,06,04 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු ඇතුළු දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙසත්, පවසා ඇත්තේ.

ඉන් අනතුරුව හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් ඇයට බැන වැද දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සහ කිරීමේදී පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත භාර දී දරුවන් තිදෙනා පියා වෙත භාර දී තිබෙනවා.

මානසික ආතතියකින් පෙළෙන එම තිදරු මව (28) නිරන්තරයෙන් සැමියා සමග ආරවුල් ඇති කර ගන්නා බවත්, සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන අයෙකු බවත්, පොලිසිය කියා සිටියේ.

මානසික ආතතියකින් පෙළෙන බිරිද තමන්ට පාලනය කරගත නොහැකි බවත්, ඇය රෝහල් ගත කර වෛද්‍ය ප්‍රතිකාර කිරීමට කටයුතු කරන ලෙසට සැමියා (40) පොලිසියෙන් කළ ඉල්ලීමක් මත ඇයව දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යාම ප්‍රතික්ෂේප කල තිදරු මව පොලිස් නිලධාරිනියන් සමග නොසන්සුන්කාරි ලෙස හැසිරෙමින් කටයුතු කිරීම හමුවේ හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේනගේ උපදෙස් මත තිදරු මව පොලිස් ජිප් රථයකින්ම රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories