Jaffna Kings කණ්ඩායමට ලකුණු 189ක ඉලක්කයක්

Wednesday, 10 July 2024 - 17:07

Jaffna+Kings+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+189%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම් අතර අද (10) පැවති තරගයෙන් කාසියේ වාසිය දිනා ගැනීම Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

එහිදී Glenn Phillips ලකුණු 58ක් රැස් කළ අතර Angelo Perera ලකුණු 34ක් සහ Rahmanullah Gurbaz ලකුණු 27ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Azmatullah Omarzai සහ Asitha Fernando කඩුලු 2 බැගින් දවා ගත් අතර Pramod Madushan, Tabraiz Shamsi සහ Fabian Allen එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව Jaffna Kings කණ්ඩායම ලකුණු 189ක ඉලක්කයක් හඹා යාමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories