මුන්නේශ්වරම් මංගල්‍ය අගෝස්තු 11වැනිදා

Wednesday, 10 July 2024 - 18:17

%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+11%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F
හලාවත ශ්‍රි මුන්නේශ්වරම් දේවසථානයේ වාර්ෂික නිකිණි මහා උත්සවය මෙවරත් උත්කර්ෂවත් අයුරින් පවත්වන බව දේවාල භාරකාර මණ්ඩලය පවසනවා.

එහි පළමු චාරිත්‍රය වන කප්සිටුවීම ජූලි (23) වන දින උදෑසන 10.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව අගෝස්තු 11වැනිදා සිට 21වැනිදා තෙක් උත්සවය පැවැත්වෙනවා.

ඒ අනුව ගණ දෙවි උත්සවය අගොස්තු (11) සවස 4.30ට ආරම්භ කෙරන අතර, කතරගම දෙවිදු උත්සවය (12) වැනිදා සවස 4.00ට පැවත්වීමට නියමිතයි.

මහා විශ්ණු පෙරහැර (13) සවස 4.30ටද ගිනි පෑගීමේ උත්සවය (14) සවස 3.30ටද භික්ෂාඩන පෙරහැර (15) සවස 4.30ට ද ආරම්භ වනවා.

මේ අතර නධේසර් පෙරහැර (16) සවස 4.30ටද, අඹ විදින පෙරහැර (17) වැනිදා සවස 4.30ටද, මහාරථෝත්සවය (18) උදෑසන 10.00ටද පැවැත්වෙනවා.

දියකැපීමේ පෙරහැර (19) උදෑසන 11.00ටත් මංගල උත්සවය (21) වැනිදා සවස 4.00ටත් පැවැත්වීමට නියමිත බවයි දේවාල භාරකාර මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටින්නේ.

උත්සව සමයේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දේවස්ථානයේ විශේෂ පොලිස් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories