පාතාලයේ පතුරම් තොගයක් ජාපාලවත්තෙන් කොටුවෙලා

Wednesday, 10 July 2024 - 19:09

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
වෑලියේ සුරාජ් නැමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් ආයුධ තොගයක් සන්තකයේ තබාගෙන සිට සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම යටතේ සැකකරු කොටුකර ගත් බව පොලිසිය පවසනවා.

සැකකරු සන්තකයේ තිබී ටී 56 පතොරොම් ගැබ් 2 ක්, පිස්තෝල ගිනි අවි පතොරොම් ගැබ් 2 ක්, ටී 56 උණ්ඩ 144 ක්, පිස්තෝල අවි පතොරොම් 2 ක් සහ හෙරොයින් ග්‍රෑම් 8 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සහ පතුරම් තොගය මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා අවුරුදු 43ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවකු බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය සහ භාණ්ඩ තොගය සංවිධානාත්මක අපරාධකරුවකු වන මිනුවන්ගොඩ වෑලිය සුරාජ් නැමැත්තාට අයත් බවයි මෙම සැකකරු පවසා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories