ගාල්ල නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් සම්පූර්ණ කර නැතැයි චෝදනා (ඡායාරූප)

Thursday, 18 July 2024 - 20:54

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල නව අධිකරණ සංකීර්ණය හෙට දිනයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් පාර්ශ්ව කිහිපයක්ම චෝදනා කරන්නේ එම අධිකරණ සංකීර්ණය විවෘත කිරීම සිදුවන්නේ එහි ඉදිකිරීම් නිසි ලෙස අවසන් නොකළ පසුබිමක බවටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි අද (18) අලුතින් ඉදිකළ ගාල්ල අධිකරණ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී මන්ත්‍රිවරයා පැවසුවේ එම අධිකරණ සංකීර්ණයේ කොටසක් පමණක් ඉදිකර එය හෙට දිනයේදි විවෘත කිරීමට සූදානම් කර ඇති බවයි.

දැනට එම අධිකරණ සංකීර්ණයේ වැඩ අවසන් කර ඇති අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද මන්ත්‍රිවරයා මාධ්‍ය වෙත නිකුත් කළා.

No description available.

No description available.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories