"ඉතිහාසයේ දී රනිල්ව ජනාධිපති කරන්න අපිට බැරි වුණා" - වජිර

Wednesday, 31 July 2024 - 22:34

%22%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%22+-+%E0%B7%80%E0%B6%A2%E0%B7%92%E0%B6%BB
ඉතිහාසයේ දී සිය නායකයාවන රනිල් වික්‍රමසිංහව ජනාධිපති කිරීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් සමඟ අද (31) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති හමුවේදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"අද මෙම සංවේදී අවස්ථාවට රටේ බලසම්පන්න ජවයකින් යුත් ජාතික බලවේග ගණනාවක් එක්ව තිබෙනවා. ඉතිහාසයේ දී අපගේ නායකතුමා මේ රටේ ජනාධිපති බවට පත් කරන්න අපට නොහැකි වුණා. නමුත් ඔබ සියලු දෙනා එක්ව රනිල් වික්‍රමසිංහ මැතිතුමාව අටවෙනි විධායක ජනාධිපතිතුමා බවට පත්කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ නමැති නායකයා කෙරෙහි ඔබට විශ්වාසයක් ඇතිවුණා. ඔබ සැම එතුමාව විශ්වාස කළා. එතුමා මේ රට නිසි මඟට අරන් ගියේ තනිවම නොවෙයි. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහාය ලැබුණා."


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories