2024 පැරිස් ඔලිම්පික් උළෙලේ හයවැනි දිනය අදවන අතර, අද දිනයේදී රන් පදක්කම් 18ක් පිරිනැමීමට සැලසුම් කර තිබෙනවා.
ඔලිම්පික් පිහිනුම් තටාකයේදී ඔස්ට්‍රේලියාව සහ අමෙරිකාව අතර සිය රන් පදක්කම් මල්ල පුරවා ගන්නට තියුණු සටනක් නිර්මාණය වී තිබීමත් කැපී පෙනෙනවා.
එහිදී ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පිහිනුම් ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලබන්නට අමෙරිකානු සුපිරි පිහිනුම් ක්‍රීඩිකා කේටි ලෙඩෙක්කි හැකියාව ලැබුණේ කාන්තා මීටර 1,500 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමත් සමගයි.
නව ඔලිම්පික් වාර්තාව ද සමග ඇය මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 15යි තත්පර 30යි දශම 02කින් තරගය අවසන් කරමින්.
මෙය කේටි ලෙඩෙක්කිගේ ඔලිම්පික් 8 වැනි රන් පදක්කම ද වන අතර ඔලිම්පික් ඉතිහාසයේ පිහිනුම් ක්‍රීඩිකාවක් දිනූ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව ද මෙයයි.
27 හැවිරිදි ලෙඩෙක්කි මෙවර සිය සිව්වැනි ඔලිම්පික් උලෙළ නියෝජනය කරන අතර ඇය මේවන විට දිනාගෙන ඇති ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 12ක්.
මේ අතර, පිරිමි නිදහස් ආර මීටර 100 ඉසව්වේදී නව ලෝක වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගන්නට චීනයේ පෑන් ෂාන්ලේ සමත් වුණා.
ඔහු මෙම නව ලෝක වාර්තාව බිහිකළේ තත්පර 46යි දශම 40කින් තරගය අවසන් කරමින්.
ප්‍රංශය ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමින් දිනක් තුළ රන් පදක්කම් දෙකක් දිනාගන්නට ප්‍රංශයේ ලියොන් මාර්චන්ඩ්ට හැකියාව ලැබුණා.
එහිදි ලියොන් මාර්චන්ඩ් පිරිමි මීටර 200 සමනල ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.
අනතුරුව ඔහු මීටර 200 ලය ආර ඉසව්වේ රන් පදක්කම ද සිය නම ඉදිරියේ ලියා වෙන් කර ගත්තා.
මෙම ඉසව් දෙකම ඔහු ජය ගත්තේ නව ඔලිම්පික් වාර්තා දෙකක් ද පිහිටුවමින් වීමත් කැපී පෙනෙනවා.
ලියොන් මාර්චන්ඩ් වාර්තා පොත් අතරට එක් වුණේ 1976 ඔලිම්පික් උලෙළෙන් පසු දිනකදී රන් පදක්කම් දෙකක් දිනූ පළමු පිහිනුම් ක්‍රීඩකයා ලෙසටයි.
මේ සමඟ ලියොන් මාර්චන්ඩ් මේවන විට රන් පදක්කමක් තුනක් දිනා ගන්නට සමත් වී තිබෙනවා.
මේ අතර කාන්තා සත් සමාජික රග්බි ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට නවසීලන්තය සමත් වුණා.
ඒ රන් පදක්කම සඳහා වූ අවසන් තරගයේදී කැනඩාව ලකුණු 19කට 12ක් ලෙස පරාජය කරමින්.
ඒ අනුව කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වේ රිදී පදක්කම කැනඩාවට හිමි වුණා.
ඔස්ට්‍රේලියාව ලකුණු 14ට 12ක් ලෙස පරාජය කළ අමෙරිකාව කාන්තා රග්බි ලෝකඩ පදක්කමට හිමිකම් කීවා.
පිරිමි තුන් ප්‍රයාම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට මහා බ්‍රිතාන්‍යයේ ඇලෙක්ස් යී සමත් වුණා.
මේ අතර, ලොවම වැඩි අවධානය දිනා ගන්නා මලල ක්‍රීඩා ඉසව්වන් අද සිට ආරම්භ වීමට නියමිතයි.
එහි ආරම්භය සනිටුහන් කරමින් කිලෝමීටර 20 ඇවිදිමේ තරගය අද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
දින හයක් වනවිට පදක්කම් සටහනේ පෙරමුණ රැක ගන්නට චීනයට හැකියාව ලැබී තිබෙනවා.
ඒ රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමග සමස්ත පදක්කම් 19කට හිමිකම් කියමින්.
දෙවැනි ස්ථානය ප්‍රංශයට හිමිවී තිබෙන අතර එහි තුන්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ ජපානයයි.

Follow US

Most Viewed Stories