දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ සහාය ජනපතිට

Thursday, 01 August 2024 - 18:22

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්වීම හා කටයුතු කරන ආකාරය පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව එහි නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැත්වුණා.

ඒ මහජන එක්සත් පෙරමුණේ මහරගම පක්ෂ මූලස්ථානයේදීයි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කළ යුතු යැයි මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන ලේකම් නීතිඥා තිස්ස යාපා ජයවර්ධන, උපසභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, උපලේකම් විජය රත්නායක, උපසභාපති හිටපු නියෝජ්‍ය කතානායක ගීතාංජන ගුණවර්ධන ඇතුළු මධ්‍යම කාරක සභිකයන් මෙම අවස්ථාව සඳහා එක්ව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories