ඉකුත් අඟහරුවාදා (30) උදෑසන 6 සිට බදාදා උදෑසන 6 දක්වා ගතවූ පැය 24 තුළ රට පුරා ක්‍රියාත්මක වූ චීන හමුදා ගුවන් යානා 29ක් සහ නාවික යාත්‍රා 10ක් හඳුනාගත් බව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
මහජන විමුක්ති හමුදාවේ ගුවන් යානා 29න් 13ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගොස් තායිවානයේ උතුරු, මධ්‍යම, නිරිතදිග සහ නැගෙනහිර ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ඇතුළු වූ බව එම අමාත්‍යංශය පවසනවා.
තායිවානය ද ගුවන් යානා සහ නාවික නෞකා යොමු කර චීනයේ හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා වෙරළබඩ මිසයිල පද්ධති යෙදවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
චීනය තායිවාන ගුවන් හා මුහුදු සීමාව වෙත නිතිපතා ගුවන් හා නාවික ආක්‍රමණ සහ දිවයින ආසන්නයේ හමුදා අභ්‍යාස ඇතුළුව, තායිවානය වටා සිය හමුදා ක්‍රියාකාරකම් වැඩිකර තිබෙනවා.
චීනයේ ප්‍රධාන භූමියෙන් තායිවානය වෙන්කරන තායිවාන සමුද්‍ර සන්ධිය නිතර මතභේදයට තුඩුදෙන ප්‍රදේශයක් වී ඇති අතර, චීනය තායිවානය යනු සිය බිඳී ගිය පළාතක් ලෙස සළකමින් දිවයින පුරා ස්වෛරීභාවය තහවුරු කිරීමට උත්සහ දරමින් සිටිනවා.
කෙසේ වෙතත් තායිවානය පවසන්නේ, චීන හමුදා ක්‍රියාකාරකම්වලට එරෙහිව සිය ගුවන් සීමාව සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩ සුපරීක්ෂාකාරී බව අවධාරනය කරන බවයි.

Follow US

Most Viewed Stories