ඉන්දියාවට අමුත්තෙක්

Thursday, 01 August 2024 - 19:45

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
වියට්නාම අග්‍රාමාත්‍ය පාම් මින් චින් (Pham Minh Chinh) තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටිනවා.

ඔහුව අද (01) නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන් පරිශ්‍රයේ දී සාම්ප්‍රදායානුකූලව රාජ්‍ය අමුත්තෙකු ලෙස පිළිගනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්.

එහි දී ඔහුට හමුදා ආචාරය ද පිරිනමා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

එහි දී නායකයන් දෙපළ එකිනෙකාට ආචාර කරමින් උණුසුම් වැළඳ ගැනීමක් සිදුකරන ආකාරය ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම අවස්ථාවට ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මධ්‍යම අමාත්‍ය කිරන් රිජිජු, සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් සහ මධ්‍යම වරාය, නාවික සහ ජල මාර්ග අමාත්‍ය සර්බානන්ද සොනොවාල් යන පිරිසක් ද එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories