වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් සිය පිළිකා රෝගය සඳහා වන කිමෝ ප්‍රතිකාරය අවසන් කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ කෙංසින්ටන් මාලිගයෙන් නිකුත් කරන ලද වීඩියෝ පටයක් හරහා ඇය පැවසුවේ මෙම අසීරු කාලයේ තමන් සමග කටයුතු කළ සියලුදෙනාට කෘතඥතාවය පළකරන බවයි.
එහිදී කේට් කුමරිය අදහස් දක්වා සිටියා.
''වේල්සයේ කුමරිය ගිම්හාන කාලය අවසන් වීමත් සමඟ මගේ කිමෝ ප්‍රතිකාරය ද අවසන් වීම කෙතරම් අස්වැසිල්ලක්දැයි මට කිව නොහැකියි. පසුගිය මාස 9ක කාලය පවුලක් ලෙස අප සියලුදෙනාටම ඇදහිය නොහැකි තරම් දුෂ්කර කාලයක් වුණා. ඔබ දන්නවා අපේ ජීවිතය ඕනෑම නිමේෂයකින් වෙනස් විය හැකියි. අපිට ඉතා අසීරුවෙන් මේ ගමන යන්න සිදුවුණා.පිළිකාවකින් පීඩා විඳීම යනු සංකීර්ණ, බියජනක දෙයක්. විශේෂයෙන්ම අපේ සමීපතමයින්ට ඒක විශාල වශයෙන් බලපානවා. මින් පෙර කිසිදා නොවූ විරූ ලෙස අපේම දුර්වලතාවලට මුහුණ දීලා සෑම දෙයක් දෙසම අලුතින් බලන්න අපට සිදුවෙනවා. මෙම කාලය තුළ සියල්ලටම වඩා විලියම්ට සහ මට අවබෝධ වුණේ ජීවිතයේ වැදගත්කම සහ ආදරණීය බවයි. පිළිකා රෝගයෙන් සුවය ලැබු මම දැන් කිමෝ ප්‍රතිකාරය අවසන් කර ඇති අතර මට පූර්ණ සුවය ලැබීමට තවත් කල්ගත වන නිසා ඒ වෙනුවෙන් මම සෑම දිනයක්ම වැය කළ යුතු වනවා. කෙසේවෙතත්, මම හැකි සෑම විටම ඉදිරි මාස කිහිපය තුළ සීමිත පොදු කටයුතු සඳහා සහභාගි වෙන්න අපේක්ෂා කරනවා. පිළිකාව සමග සටන් කරන සියලුදෙනා සමග මම අත්වැල් බැඳගන්නා අතර ඔවුන් සියලු දෙනාට ඒ දුක්ඛිත තත්ත්වයෙන් මිදීමට හැකි වේවා යනු මගේ පැතුමයි.''

Latest News
බණ්ඩාරිගොඩ සහ රංජිත් අලුවිහාරේ තීරණයක් අරන්
Local
24 May 2025

කෙහෙල්බද්දර පද්මේගේ රුව යොදා පාස්පෝට් හැදූ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
24 May 2025

මස්ක්ගේ 'X' හදිසි බිඳවැටීමක්
Local
24 May 2025

මැයි මුල් දින 21ට විදෙස් සංචාරකයින් අනූ දහසක් දිවයිනට
Local
24 May 2025

අභාවප්‍රාප්ත නිළි රැජිණ, මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට (වීඩියෝ)
Local
24 May 2025

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු රොඩ්නි ගිබ්ස්
Local
24 May 2025

නිළි රැජිණ වෙනුවෙන් ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
24 May 2025

බිහිසුණු අනතුරකින් 7ක් රෝහලට (වීඩියෝ)
Local
24 May 2025

රුසියාවෙන් යුක්රේනයට තවත් ප්‍රහාරයක්
Local
24 May 2025

වෙළඳ ගිවිසුමක් ඇති කර ගන්න සූදානම් බව යුරෝපා සංගමය කියයි
Local
24 May 2025