International10 September 2024

මොස්කව් ගොඩනැගිල්ලකට යුක්රේන ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් හි මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කරගනිමින් යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

මොස්කව් අගනුවර රමෙන්ස්කෝයි ප්‍රදේශයට එල්ලවූ මෙම ප්‍රහාරය මොස්කව් කලාපයට එල්ලවූ විශාලතම ප්‍රහාරයක් බවටයි රුසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ හේතුවෙන් කාන්තාවක මියගොස් නිවාස විශාල ප්‍රමාණයක්ද හානියට ලක්ව ඇති අතර, ගුවන් තොටුපළ හතරක් ද වසා දැමීම හේතුවෙන් ගුවන් ගමන් 50 ක් පමණ අවලංගු කෙරුණා.
Related Recommends
Hiru TV News | Programmes