අධිවේගී පිවිසුමක් ළඟ අභිරහස් මළ සිරුරක්

Tuesday, 01 October 2024 - 17:49

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් පාළු ඉඩමක තිබී සොයාගෙන තිබෙනවා.

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී අද (01) දා දහවල් සිරුර සොයාගත් බවයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසන්නේ.

මියගිය පුද්ගලයාට වයස අවුරුදු 50ක් පමණ පෙනෙන්නට ඇති අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැති බවද පොලිසිය පැවසුවා.

හෝමාගම, මාලපල්ල, මිහිඳු මාවත ප්‍රදේශයේ සතියක පමණ සිට පැවැති දුගඳක් පිළිබඳව සොයා බැලීමේදී මේ පුද්ගල මළ සිරුර දැක තිබෙනවා.

ඒ පිළිබඳව 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කොට තිබෙනවා.

මෙය සති දෙකකට පමණ පෙර මියයන්නට ඇති සිරුරක් බවටයි පොලිසිය සැකකරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories