ඊශ්‍රායලයට ඉරානයෙන් ප්‍රහාර

Tuesday, 01 October 2024 - 22:32

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් දැඩි ප්‍රහාර එල්ල වන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවත් රට පුරා ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමත් සමඟ බෝම්බ ආවරණ අසල රැඳී සිටින ලෙස නිවැසියන්ට නියෝග කළ බවයි.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී කණ්ඩායමට සහාය දක්වන ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළහොත් දරුණු ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අනතුරු අඟවා තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් ඇඩ්ම් ඩැනියෙල් හගාරි පැවසුවේ රටේ ගුවන් ආරක්ෂක පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන අතර තර්ජන හඳුනාගෙන ඒවා වළක්වන බවයි.

ඉරාන මාධ්‍ය රට පුරා ස්ථාන කිහිපයක මිසයිල දියත් කිරීම් පෙන්වන වීඩියෝ දර්ශන පළ කිරීමට පටන්ගෙන ඇති අතර කෙසේවෙතත්, ඉරාන රජය සිදුවන්නේ කුමක්ද යන්න පිළිගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලු දෙනාට නැවත දන්වන තුරු ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසයි.

අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළැකි තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය හා PIBA ආයතනය විසින් නිකුත් කර ඇති උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න ලෙසත් දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ජලය ළඟ තබා ගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories