"ජය ගත් අයට පමණක් නොවන රට ගොඩගැනිමේ වගකීම විපක්ෂයටත් තිබෙනවා"

Wednesday, 02 October 2024 - 9:42

%22%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%22
ජය ගන්නා අයට පමණක් නොව රට ගොඩගන්නා වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙළක් විපක්ෂයට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (01) මහරගම පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ජය ගන්නා අයට පමණක් වගකීම් බාර දීම බංකොලොත් රටකට සුදුසු නැති බවයි.

ඒ සදහා සියලු දෙනා අත්වැල් බැදගත යුතු බවත් රට ගොඩගන්නා වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙළක් විපක්ෂයට ඇති බව ඔහු කියා සිටියා.

එමෙන්ම ජය ගත්ත අයට පමණක් රට ගොඩගැනීමේ වගකීම දෙනවා නම් එය රටට කරන ද්‍රෝහී කමක් බවත් මේ රට සියලු දෙනාටම අයිති බව විපක්ෂනායකවරයා මෙහිදී කියා සිටියා.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන අභියෝග ඇති බවත් රටට විසදුම් සැපයීමේ වගකීම ජය ගත් කණ්ඩායමට මෙන්ම පරාජයට පත් අයටද ඇති බවත් ඒ වගකීම ඉටු කරන්න සියලු දෙනා සුදානම් විය යුතු බවත් ජනතාව මුහුණ දෙන ගැටලු හා අභියෝග වලට විසදුම් ලබා දෙන කණ්ඩායම බවට පත්විය යුතු බව ඔහු කියා සිටියා.

සමගි ජන බලවේගය මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ ප්‍රශ්න විසදන බලවේගයක් ලෙස බවත් එම ජයග්‍රහණය පොදුජන ජයග්‍රහණයක් කළ යුතු බව විපක්ෂනායකවරයා අවධාරණය කලා.

එමෙන්ම සියලු දෙනා එකට එකතු වී රටට අවශ්‍ය නිෂ්පාදන කර්මාන්ත ඇති කළ යුතු බවත් නිෂ්පාදන කර්මාන්ත පද්ධතිය සකස් කළ යුතු බවත් ජීවනෝපාය නිර්මාණය කර නව ව්‍යාපාරිකයන් බිහි කර අපනයනය කේන්ද්‍රීය ආර්ථිකය නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories