පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද මිල කළ නොහැකි මැණික්, දුර්ලභ ගණයේ පිළිම හා මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා (30) පස්සර පොලිස් වසමේ පරමංකඩ ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදීයි.
එහි දී මෙලෙස පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයකින් පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද ඉතා දුර්ලභ ගණයේ විවිධ බරින් හා විවිධ පැහැයෙන් යුත් මැණික් ගල් 11ක්, රන් පැහැති මංජුසාවක්, රිදී පැහැති බුදු පිළිමයක්, තඹ පැහැති ඇත් පිළිම 03ක් සොයාගෙන තිබෙනවා.
මෙම පුරාවස්තු සමග හෙට්ටිමුල්ල, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26, 63 වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පස්සර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

Follow US
Most Viewed Stories