General02 October 2024

IMF සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට ඕස්ට්‍රේලියාවේ සහාය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට ද ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (02) පැවැති හමුවකදිය.

මෙහිදී පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ උණුසුම් සුබපැතුම් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් පිරි නැමුවා.

ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පැවසු බව ජනාධිපතිවරයා මාධ්‍ය අංශය පවසනවා.

එසේම සමුද්‍රීය ආරක්ෂාව, දේශසීමා පාලනය සහ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට මහකොමසාරිස්වරයා මෙම හමුවේදී සහතික විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට ද ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවන බවත්, ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන (FDIs) ප්‍රවර්ධනය කිරීමට ඕස්ට්‍රේලියාව උනන්දුවෙන් පසුවන බවත් මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක අංගයක් ලෙස ආර්ථිකයේ විනිවිදභාවය පවත්වා ගැනීමේ වැදගත්කම ද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් සිටීවන්සන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.


Related Recommends
Hiru TV News | Programmes