නවසීලන්ත ටෙස්ට් නායකත්වයෙන් ටිම් සවුති ඉල්ලා අස්වෙයි

Wednesday, 02 October 2024 - 17:43

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%80%E0%B7%94%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා සමග පැවැති ටෙස්ට් තරගාවලියෙන් දරුණු පරාජයක් නවසීලන්ත කණ්ඩායම අත්විඳ ගැනීමත් සමග ටෙස්ට් නායකත්වයෙන් ටිම් සවුති ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නවසීලන්ත නව ටෙස්ට් නායකත්වයේ වගකීම ටොම් ලෙතම්ට ලබා දී ඇති අතර ඒ අනුව ඔහු එළැඹෙන ඉන්දීය ටෙස්ට් තරග සංචාරයේ සිට නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

මේ අතර පාකිස්ථාන එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වයෙන් බාබර් අසාම් ද ඉල්ලා අස් වී තිබෙනවා.

වසරක කාලයක් තුළ බාබර් අසාම් පාකිස්ථාන නායකත්වයෙන් ඉල්ලා අස් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහු පවසන්නේ සිය පිතිකරණය කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories