චීනය විසින් අද (14) තායිවානය වට කරමින් ගුවන් යානා සහ නැව් යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වනවා.
එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරවම චීනය තායිවානය වට කර හමුදා අභ්‍යාසයක් ආරම්භ කර ඇති බවයි.
තායිවානයේ "බෙදුම්වාදී" හමුදාවන්ට "දැඩි අනතුරු ඇඟවීමක්" යැවීම අරමුණු කර ගනිමින් මෙම හමුදා අභ්‍යාසය සිදු කරන බවයි චීනය පවසන්නේ.
තායිවානය තම පාලනය යටතට ගෙන ඒම සඳහා බලය යෙදවීම චීනය විසින් ප්‍රතික්ෂේප කර නොමැති අතර අද ආරම්භ කර ඇති හමුදා අභ්‍යාස පසුගිය වසර දෙක තුළ එහි මහා පරිමාණ යුද අභ්‍යාසවල සිව්වන වටය නියෝජනය කරන ඒවා බවත් එම විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීනයේ මෙම යුද අභ්‍යාසය පැමිණෙන්නේ තායිවාන ජාතික දින සැමරුම් උත්සවයේ දී තායිවාන ජනාධිපති ලායි චිං-ටේ කළ කතාවට ප්‍රතිචාර වශයෙන් බව ද සඳහන්.
එහිදී ඔහු පවසා තිබුණේ කිසිසේත් චීනයට යටත් වීමට සූදානම් නොමැති බවයි.

Follow US

Most Viewed Stories