International14 October 2024

මව සහ පියා ඝාතනය කළ බි්‍රතාන්‍ය ජාතික කාන්තාවකට ජීවිතාන්නය දක්වා සිරදඩුවම්

තම මව සහ පියා ඝාතනය කළ බි්‍රතාන්‍ය ජාතික කාන්තාවකට එරට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබෙනවා.

මෙම ඝාතන සිදු කිරීමෙන් අනතුරුව සිරුරු වසර 4 ක් පුරා නිවසේ සගවාගෙන දෙමාපියන්ගේ දේපළ සහ විශ්‍රාම වැටුපෙන් ඇය ජිවිතය ගෙවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

36 හැවිරිදි සැකකාරිය අන්තර්ජාලය ඔස්සේ සූදු ඇල්ලීමට හුරුවී සිටි අයෙකු වන අතර මුදල් ලබා ගැනීමේ අරමුණින් ඇය පියාට වස පානය කිරිමට ඉඩ සලස්වා, මවට මිටියකින් පහර දි 2019 වසරේදී මෙම ද්විත්ව ඝාතනය සිදු කර තිබුණා.

කෙසේ වෙතත්, ඇය ඥාතීන්ට ප්‍රකාශ කර තිබුණේ තම දෙමාපියන් විදේශ සංචාරයකට ගොස් සිටියදි රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවටයි.

කෙසේ වෙතත්, ඔවුන්ගේ සිරුරු සැකකාරිය සිය නිවස තුළ අල්මාරියක සඟවා තිබියදී සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවී තිබෙනවා.


Related Recomands
Hiru TV News | Programmes