රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බව කියන වාර්තා පදනම් විරහිතයි - ශ්‍රී ලංකා මහ බැංකුව

Tuesday, 29 October 2024 - 18:17

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+100%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80
මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට වන වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

විවධ වෙළඳ පොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් බවයි එහි දැක්වෙන්නේ.

එම වෙළඳ පොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා බවත් එය මුදල් අච්චු ගැසීමක් නොවන බවයි පෙන්වා දෙන්නේ.

2024 වසරේ මේ දක්වා මෙරට සංචිත මුදල් වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 147කින් බව මහ බැංකුව පෙන්වා දෙනවා.

ඒ අනූව 2024 වසරේදී සංචිත මුදල්වල ඉහළ යෑම ප්‍රධාන වශයෙන් මහ බැංකුව විදේශ විනිමය මිලට ගැනීම තුළින් සිදු වී ඇති බවද සඳහන්.

මේ අතර, මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත් පහළ යෑමක් ද මෙම කාලය තුළ සිදුව ඇති බව එම නිවේදනයේ සඳහන් වනවා.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් රජයේ අයවැය මූල්‍යනය සඳහා රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම තුළින් ඇතිවන මුදල් අච්චු ගැසීම මුළුමනින්ම සීමා කරන ලද බවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එම නිවේදනය පහතින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories