යාපනයේ වෛද්‍යවරියක් විසින් මෝටර් රථයක් අධික වේගයෙන් හා අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම නිසා එම මෝටර් රථය යතුරු පැදියක හා ත්‍රී රෝද රථයක ගැටීමෙන් ඊයේ (29) අනතුරක් සිදුව තිබෙනවා.
යාපනයේ වඩුක්කෝඩෙයි සිට අධික වේගයෙන් ධාවනය වූ මෙම මෝටර් රථය යාපනයේ තෙලිප්පලෙයි පාරේ පිහිටි පාසලක් ඉදිරිපිටදී මුලින්ම ත්‍රීරෝද රථයක ගැටී තිබෙනවා.
ඒ අවස්ථාවේදී මෝටර් රථය නොනැවතී ඉදිරියටම ධාවනය වීමෙන් පසුව යතුරු පැදියක ගැටී ඇති බවයි සඳහන් වන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ යතුරු පැදිය පදවා ගෙන ගිය පුද්ගලයාත් ත්‍රීරෝද රථයේ සිටි අයෙකුත් මහමග ගමන් කරමින් සිටි අයෙකුත් මෝටර් රථයේ ගැටීම නිසා තුවාල ලබා ඇති බවයි.
තුවාලකරුවන් තුන් දෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කොට ඇති අතර මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

Follow US
Most Viewed Stories