දීපාවලි දිනය අදයි

Thursday, 31 October 2024 - 7:05

%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි දිනය අදට (31) යෙදී තිබෙනවා.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් අද(31) දීපවාලි දිනය සමරනවා.

ලෝකවාසි හින්දු බැතිමතුන් පහන් දල්වා ආලෝක පූජා පවත්වා කෝවිල්වලට ගොස් ආගමික වතාවත්වල නිරතවීම දීපවාලි දිනයේ සිදු කරනු ලබනවා.

විශේෂයෙන් අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් පූජා, අලෝක පූජා පැවැත්වීම දීපවාලි දිනයේ සුවිශේෂ චාරිත්‍රයක්.

දීපාවලි දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ දශක ගණනාවක් පුරා අදුරේ අතපතගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රි ලාංකික ජනතාව මේ වනවිට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටින බවයි. දීපාවලී දිනයේදී සියලු සිත් තුළ ප්‍රඥා ආලෝකය පැතිරේවා යන්න තමා ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. එමෙන්ම, සියලු අපේක්ෂා යථාවත් කරගැනීමට සංස්කෘතික, දේශපාලනික සහ ආකල්පීය පරිවර්තනයක් අත්‍යවශ්‍ය බවද එහි දැක්වෙනවා.

එමෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දීපාවලි උත්සවය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ දීපාවලි දිනය සෑම කෙනෙකුගේ ජීවිතය ආලෝකය, ප්‍රීතිය සහ නවතාවයන් ගෙනෙන බවයි. සෑම කෙනෙකුටම නිදහස, ගෞරවය සහ අයිතිවාසිකම් අත්විදිය හැකි ලෝකයක් ගොඩනැගීම සිය අභිප්‍රාය බවද එහි දැක්වෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද දීපාවලී දිනය වෙනුවෙන් සුභ පැතුම් එක්කරමින් කියා සිටියේ වෛරයෙන් තොරව සහෝදරත්වය පතුරවන දීපාවලී දිනයක් ප්‍රාර්ථනා කරන බවයි.

මෙම දිපවාලියේදී ජාති, කුල, ආගම්, පන්ති භේදවලින් තොර සියලුදෙනාම එක්ව අත්වැල් බැද ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories