කිලෝ ග්‍රෑම් 50කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට පත් සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙක් බවයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව එම ඒකකයේ නිලධාරීන් කණ්ඩයමක් විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේ විශේෂ මෙහෙයමුක් දියත් කළා.
බොරලැස්ගමුව 10 කණුව ප්‍රදේශයේදී කළ එම මෙහෙයුමෙන් ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු පරික්ෂාවට ලක් කෙරුණු අතර, එහිදී වෙනත් පුද්ගලයෙකුට ලබාදීම සඳහා රැගෙන යමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1ක් සොයාගත්තා.
ඒ අනුව, යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර පරික්ෂා කිරීම්වලදී ඔහු සන්තකයේ තිබී වාහනයක යතුරක්ද සොයාගෙන තිබෙනවා.
ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ විමර්ශන නිලධාරීන් පිළියන්දල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ මෙම ලොරි රථය සොයා ගත් අතර, අදාළ රථය පරීක්ෂා කිරීමේදි එහි තිබි කිලෝග්‍රෑම් හතකට ආසන්න හෙරොයින් ද සොයාගත්තා.
පොලිසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී සොයා ගත් සමස්ත මත්ද්‍රව්‍යවල දළ වටිනාකම රුපියල් කෝටි 21කට අධික බවයි.
අත්අඩංගුවට පත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ධම්මික සමන් කුමාර නැමැත්තෙකු වන අතර, ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු වන ආමි චූටි නැමැත්තාගේ සමීපතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.
පිළියන්දල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ඔහු විසින් කුලී පදනම මත ලබාගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවරම සිදුකරගෙන ගොස් ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අදාළ නිවස මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ තිප්පොලක් ලෙස පත්වාගෙන ගොස් ඇති බවත්, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක සිට මෙම නිවසට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවත්, විමර්ශනවලදී අනාවරණ කරගත් බව පොලිසිය පැවසුවා.
ඒ අනුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි එම නිවස ද මේ වන විට පරීක්ෂාවට ලක්කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.

Follow US
Most Viewed Stories