දෘශ්‍යබාධිත ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බරයේදී

Thursday, 31 October 2024 - 14:58

%E0%B6%AF%E0%B7%98%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+20+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
එළඹෙන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 4 වැනිදා දක්වා දෘශ්‍යබාධිත ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා සහභාගීවීමේ අරමුණින් ශ්‍රී ලංකා දෘශ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල කොළඹදී සිය පුහුණුවීම්වල නිරතවනවා.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි මෙම ක්‍රීඩකයින්ට සවියක් වන්නට මෙරට කිසිඳු ක්‍රීඩා බලධාරියෙකු මෙතෙක් ඉදිරිපත් නොවීමත් සමඟ ඔවුන්ගේ මෙවර ලෝක කුසලාන ගමන අවිනිශ්චිත වී තිබෙනවා.

ශ්‍රී ලංකා දෘශ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායක චන්දන දේශප්‍රිය මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර තිබෙනවා.

''දක්ෂතා වලින් සම්පූර්ණ සහ තෝරාගැනීම් වලින් හොඳම ක්‍රීඩකයෝ 16ක් මෙවර මගේ කණ්ඩායමට ලැබිලා තියෙනවා. ක්‍රීඩකයෝ 07 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා කළින් තරගවලට සහභාගි වෙලා තියෙන සහ T20 තරගවලට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ. ඒ වගේම නවක ක්‍රීඩකයින් රැසක් මෙවරත් ජාතික කණ්ඩායමට එකතු වෙලා තියෙනවා.

අනිත් ශ්‍රී ලංකා කණ්ඩායම් වගේම අපේ කණ්ඩායමත් ජාතික කණ්ඩායමක්. ඒ සහයෝගය ලැබුණොත් නියත වශයෙන්ම අපිට ලොකු හැකියාවක් තියෙනවා මෙවර ලෝක කුසලානය ලංකාවට ගේන්න.''


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories