බස් රථයක් හා ලොරි රථයක් ගැටී බිහුසුණු අනතුරක්

Thursday, 31 October 2024 - 17:12

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
බලංගොඩ - දිගදුර නාගහ ප්‍රදේශයේ බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

බලංගොඩ සිට කල්තොට ප්‍රදේශයට ධාවනය වූ බස් රථයක් සහ කල්තොට සිට බලංගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇඟලුම් කම්හලක සේවකයින් රැගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති අතර අනතුරින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව සඳහන්.

ඔවුන් 16 දෙනාම බස් රථයේ සිටි පිරිස අතරට අයත් වන අතර එම පිරිස අතර ගැහැණු ළමුන් 14ක් සහ පිරිමි ළමුන් දෙදෙනෙකු සිටින බව සඳහන්.

බස් රථයේ රියැදුරුගේ වරදින් මෙම වරද සිදුව ඇතැයි අනුමාන කරන අතර මෙම සිදුවීම පළිබඳව බලංගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories