හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ රිමාන්ඩ් (වීඩියෝ)

Thursday, 31 October 2024 - 21:11

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ලඟ තබා ගැනීමේ චෝදනාවට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ කටුගස්තොට ප්‍රදේශයේදීයි.

මිරිහාන පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් ඔහු මිරිහාන පොලිසිය වෙත රැගෙන එනු ලැබුවා.

මිරිහාන පොලිසියේදී සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මීට ස්වල්ප මොහොතකට පෙර ඔහු ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත රැගෙන ගියා.

නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳට අයත් නිවසක තිබී අංක තහඩු නොමැති මෝටර් රථයක් මිරිහාන පොලිසිය විසින් සොයාගනු ලැබුවේ පසුගිය 26 වැනිදායි.

මිරිහාන පොලිසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කර පොලිස් භාරයට ගත්තා.

එම මෝටර් රථය පිළිබඳ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූයේ එය එකලස් කරන ලද මෝටර් රථයක් බවයි.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කර තිබුණේ, තම මව මිරිහානේ පිහිටි නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩිවැදීමකින් ජීවිතක්ෂයට පත් වූ ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෙම මෝටර් රථය සිය නිවසට ගෙනවිත් දැමූ බවයි.

ඒ අනුව සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වුවත් ඔහු සිටින ස්ථානයක් නිශ්චිතව අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවූයේ නැහැ.

නමුත් අද පෙරවරුවේ මිරිහාන පොලිසියේ නිලධාරින් පිරිසක් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මිරිහාන පොලිසිය වෙත රැගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ හිතවතුන් පිරිසක්ද මිරිහාන පොලිසියට පැමිණ සිටියා.

පොලිසිය වෙත රැගෙන ආ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් නීතිවිරෝධී ලෙස එකලස් කළ මෝටර් රථයක් ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories