එළඹෙන නොවැම්බර් 24 වැනි දින පැවැත් වීමට පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂය සැලසුම් කර ඇති විරෝධතා මධ්‍යයේ පාකිස්ථානයේ විවිධ ප්‍රදේශවල, විශේෂයෙන් ඉස්ලාමාබාද් සහ පන්ජාබ් හි ජංගම සහ අන්තර්ජාල සේවා අත්හිටුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ආරංචි මාර්ග උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම අන්තර්ජාල අත්හිටුවීම කයිබර් පක්තුන්ක්වා, පන්ජාබ් සහ ඉස්ලාමාබාද් හි ඇතැම් දිස්ත්‍රික්කවලට දැඩි ලෙස බලපානු ඇති බවයි.
එහි දී අන්තර්ජාල වේගය අඩු කිරීමට සහ සමාජ මාධ්‍ය යෙදුම්වලට බලපෑම් කිරීමට ෆයර්වෝල් සක්‍රිය කර ඇති බව පවසන එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, නොවැම්බර් 22 සිට මෙම ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.
ඊට අමතරව විරෝධතා වර්ධනය වුවහොත් බලධාරීන් විසින් තත්වය අනුව නිශ්චිත ස්ථානවල අන්තර්ජාල සහ ජංගම සේවා අවහිර කළ හැකි බව ද
සිය ආරංචි මාර්ග උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර 'නොසන්සුන්තාව', 'අන්තවාදය' සහ 'ත්‍රස්තවාදය' වැනි හේතුවෙන් මුල් කරගනිමින් රාවල්පින්ඩි හි සිව් දෙනෙකුට වැඩි පිරිසකගේ මහජන රැස්වීම්, රැලි සහ රැස්වීම් තහනම් කර ඇති බව ද එම වර්තාවල වැඩිදුරටත් සඳහන් කරනවා.
සිරගතව සිටින පීටීඅයි නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය ඉම් රාන් ඛාන් නොවැම්බර් 24 වනදා රටපුරා රජයට එරෙහිව උද්ඝෝෂණයක් කැඳවා තිබීම මීට හේතුව බවයි ඒවායේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Follow US
Most Viewed Stories