කැනඩාවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Friday, 22 November 2024 - 16:48

%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9D%E0%B6%BD%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කැනඩාව තුළ බරපතල අපරාධ ක්‍රියාකාරකම්වලට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් හෝ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත් දොවාල් සම්බන්ධ බවට සිය රට ප්‍රකාශ කර නොමැති බව කැනේඩියානු රජය පවසා තිබෙනවා.

එමෙන්ම එවැනි සිදුවීම් සඳහා සාක්ෂි පිළිබඳව ද නොදන්නා බවයි කැනඩාව පවසා ඇත්තේ.

දින කිහිපයකට පෙර කැනේඩියානු පුවත්පතක් වන ද ග්ලෝබ් ඇන්ඩ් මේල් හි ඛලිස්තානි ත්‍රස්තවාදී හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව ඉන්දීය බලධාරීන් සම්බන්ධ කරමින් වාර්තාවක් පළ කර තිබුණා.

ඉන් අනතුරුවයි කැනඩාව මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් කැනඩා රජය විවිධ අවස්ථාවල සිදු කළ ප්‍රකාශයන් හමුවේ, දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා දැඩි බලපෑම් එල්ල වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories