දැනට අමාත්‍යාංශ සතුව පවතින අඩු ඉන්ධන දහනයක් සහිත අධි සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය ගෙන තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලයේ සහ රජයේ තක්සේරුකරුගේ සහතිකය ලබා ගැනීමෙන් පසු මෙම මෝටර් රථ වෙන්දේසි කිරීමට අපේක්ෂා කරන බවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ.
මෙම සුඛෝපභෝගී මෝටර් රථ නඩත්තු කිරීම සදහා රජයට විශාල වැය බරක් දැරීමට සිදුව ඇති අතර මින් බොහොමයක් හිටපු මැති ඇමතිවරුන් විසින් භාවිත කර ඇති බව සදහන්.
මේ අතර, තීරු බදු රහිත වාහන බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම ද රජය විසින් අත්හිටුවා තිබෙනවා.
නව පාර්ලිමේන්තු සැසිවාරයට පෙර ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත යුතු නමුත් මෙවර පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් ඒ සදහා අනුමැතිය ලබා ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05 කින් පසුව ලබා දෙන විශ්‍රාම වැටුප ද අහෝසි කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.
ඒ සදහා සොයා බැලීමට කමිටුවක් ද පත් කර ඇති බවයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ.

Follow US
Most Viewed Stories